Kafkaesque Nightmare of families of Covid vicitms in Sri Lanka .


        කොරෝනා මරණයක කටුක අත්දැකීම.        


[Devsiri's version of Dr. Mudalige's Sinhala text somewhat cleaned up of sinhala key-board problems and put into html by CDW 15-May-2021]



The original sinhala pdf from Dr. Mudalige. Click here

 

Do Sri lankan officials have any compassion?


කොරෝනා මරණයක් සිදු වූ පවුලක ඥොතියකු වශයන් එම දේහය ආදාහනය කිරීම දක්වා දැනට පවතින ක්‍රමයට අනුව එම මරණකරු ගේ ඥොතියකුට මුහුණදීමට සිදුවන අත්දැකීම් විස්තර කිරීම සඳහ මම ලිපිය ලිවීමට අදහස් කලෙමි.

 

 

මෙම ලිපිය ලියන මම රජයේ රෝහලක ජෙෂ්ඨ වෛද්‍යවරයකු  ලෙස සේවය කරමි. දැනට දින කිහිපයකට පෙර එනම් 2021 මැයි මස 10 දින මගේ ඥොතියක් කිරිබත්ගොඩ රෝහලට ඇතුල් කිරීමන් පසුව කොරෝනා රෝගය උත්සන්න වී මරණයට පත් විය. ඒ වන විට එම පවුල් සියලුම සමජිකයන් කොරෝනා රෝගී ලක්ෂණ  බැවින් එම මරණකරුගේ දේහය අවසන් කටයුතු සිදු කිරීම මා වෙත පැවරිණි.   රූපවොහිනියන් දැක තිබූ පරිදි පැය විසිහතරක් ඇතුත සිදුවන මෙම ආදහන කටයුත්ත ඉත පහසුවන් කල හැකියයි  සිතා ඒ සඳහ මගේ කැමැත්ත ප්‍රකශ කරන ලදී. මා  මුලින්ම කිරිබත්ගොඩ  රෝහලට ගොස්   වෛද්‍යවරුන් සමඟ  සාකච්ඡ කිරීකමන් පසුව හැඟී ගිකේ එය මා සිතා සිටි පරිදි  පහසු කර්යයක් නොවන බවයි.

 මරණයට  අදාල ලියකියවිලි රැගන එම ප්‍රදේශයට  අදාල පොලිස් ස්ථනය වන සපුගස්කන්ද පොලිස් ස්ථොනයට ගියමි. සපුගස්කන්ද පොලිස් ස්ථන යේ  මට පැය දෙකහමාරක පමණ කාලයක් නිලධරියකු ලබ ගැනීම  සඳහා බ්ලා සිටීමට සිදුවිය. කිහිප වතාවක් ආයචන  කිරීමන්  පසුව නිලධරියකු සොයොගන එම නිලධරියද සමඟ නැවත මම කිරිබත්ගොඩ රෝහලට ගියමි. එහිදී දැනගන්නට   ලැබුනේ මරණය සම්බන්ධ ඉදිරි කටයුතු කරගන යාම සඳහා මම ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක හමුවී ඔහුගන් ප්‍රදේශයේ බලය ලබා ගත යුතු බවයි. ඒ අනුව මම පෑළියගොඩ ප්‍රදේශය ට  ගොස්

 හදිසි මරණ පරික්ෂක හමු වූයමි. මරණ පරීක්ෂකතුමට කරුණු ඉදිරිපත් කිරීමන් පසුව ඔහු විසින් රෝගියගේ  රෝග විනිශ්චය වාර්තා පොත් පිළිබඳව  විමසන ලදී.

ඇය 2006  සිට අධික රුධිර පීඩනය, කිරීටක ධමනි රෝගය, කොලස්රෝල්,  දියවැඩියොව, හෘදයබ ධ වැනි රෝග ගණනවකින් පෙලෙමින් සිටි අයකි. එම රෝග විනිශ්චය වාර්තා පත්‍ර වල  පිටපත් කිහිපයක් ඔහුට ලබො දුන් නමුත් ඔහු විසින් ප්‍රකශ කර සිටියේ  මරණය පිළිබඳව මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. කිරිබත්ගොඩ  රෝහලෙන් කොවිඩ් 19 රැපිඩ් ඇන්ටිජන් (RAT) පරීක්ෂණය සිදු කර කොරෝනො පොසිටිව් වූ රෝගියකු යැයි සනථ කර තිබියදී නැවත  පශ්චත් මරණ පරීක්ෂණයක් කිරීමන් බලපොකරොත්තු වන්කන් කුමක්ද කිය  මට වටහ ගත නොහැකි විය.  හදිසි මරණ පරීක්ෂක විසින් හිතුතා හෝ අත්තනෝමතික  අපව අපහසුවට පත් කිරීම්  මෙවැනි තීන්දුවක් ලබො දුන් බව මම තරයේ විශ්වාස කරමි.

 එයට පොද වූ  කාරණ කමය කියවන ඔබට වැටකහනු ඇතැයි මම විශ්වොස කරමි.  මෙවැනි  බාධාවලින්  තොරව එම කටයුතු කර ගැනීම පිළිබඳව ඉඟියක් මා සමග මරණ කටයුත්තට සහභොගි වූ පොලිස් නිලධොරිය විසින් ප්‍රකශ කරන ලදී. නමුත් මම වෘත්තීය කේදිකයකු වශයෙන් හදිසි මරණ පරීක්ෂකවරකයකු ගෙන්  මෙවැනි ප්‍රතිචොරයක් බලොපොකරොත්තු නොවූයමි. ලබා දී තිබු මෙම  තීන්දුවට අනුව අනිවාර්යෙන්ම  දේහය රාගම රෝහල් මෘත ශරීරගරය වත රැගන  යා යුතුව තිබිණි. වේලාව සවස හයට පමණ ඇත. අවමංගලෙ ආයතන කිහිපයකට කතා කල මුත් කිසිදු ආයතනයක් එමදේහය  රැගන යොමට කැමැත්ත ප්‍රකොශ කලේ නැත.  මෘත ශරීරය එම වාට්ටුවේ පැය හතක් පමණ තබ තිබිණි. එම තත්ත්වය එම වාට්ටු රෝගීන්ටද කාර්‍ය මණ්ඩලයට ද බලවත් අපහසුවක් ඇති කරන්නට ඇත.  නමුත් අවසානයේ දී  එක් ආයතනයක් රුපියල් 35,000 ක මුදලකට එම දේහය කිරිබත්ගොඩ සිට රාගම දක්ව රැකගන යොමට කැමැත්ත පල කරන ලදී    මුදල  අධික අයකිරීමක් බව වැටහුණත් කාල වේලාව හැටියට වෙනත් විකල්පයක් නොතිබූ බැවින් මම එයට එකඟ වූයමි.

ඒ අනුව සවස 7 වන විට අවමංගලෙ රථයක් නොවන පුේගලික වෑන් රථයක් රෝහලට පැමිණ එම දේහය රාගම දක්වො ගන යන ලදී.   නමුත් එම රථය පැදවූ රියැදුරු අධෝ ආරක්ෂණ ඇඳුම් ඇඳ සිටි බැවින් ඔහු කිසියම් ආකොරයක  පුරුද්දක් සහිත පු ගලයකු බව මගේ වැටහීමයි. මට හැඟී ගියේ කොරෝනො මරණ ප්‍රවහනය කිරීම සඳහ  කිසියම් පිරිසක් විසින් ඉත  ඉහල මිලකටම කටයුතු කිරීකම් මෆියාවක් ක්‍රියත්මක වන බව බවයි. මක් නිසොද යත් එවැනි දේහයක් ප්‍රවහනය කිරීකම්දී ඥොතීන් පවා අපහසුවට පත්වන බැවින් ඉතා ඉහල මුදලකට වුවද එකඟ වීම නිතැතින් ම සිදුවන බැවින් කැලඹු වැවේ ඉහ ගැනීමට අවස්ථාව ලැබෙන හෙයිනි. පසුදින උදෑසන අධිකරණ නිලධරීන් හමු වූ අව්ස්ථාවේදී ඔවුන් මෙය කොරෝනො මරණයක් ලෙස පිළිගත් බැවින් එම මරණය පශ්චොත් මරණ පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීම පිළිබඳ සකච්ඡොවක් ඇති විය.

නමුත් එහි සිටි විශේෂඥ වෛද්‍ය වරිය විසින් ක්ෂණික ප්‍රතිකේහ පරීක්ෂණය (RAT) පමණක් ධනොත්මක වූ  (positive වූ )  මෙ සිරුර PCR පරීක්ෂණයකින් සහ පසුව සිදු කරන පශ්චොත් මරණ පරීක්ෂණයකින් පමණක් නිදහස් කිරීමට තීරණය කරන ලදී. එම තීරණය පිළිබඳව ද   මා ඉතා විමතියට පත්වූ අතර ඔවුන් එම තීරණය දැඩි ව සිටි බැවින් මට සිදු වූනේ PCR පරීක්ෂණය සිදුකර එහි ප්‍රතිඵල ලැබන  තෙක්  සිටීමටය. මෙහිදී දැනගත් තේ  එම ප්‍රතිඵල දින 2 ක් ප්‍රමද විය හැකි බවයි.

 

  මෙහිදී මියගොස්  සිටියේ වයස අවුරුදු 74 ක් වූ නිධන්ගත රෝග ගණනවක් සඳහ  ප්‍රතිකොර ලබමින් සිටි වයෝවෘකාන්තාවකි   කොරෝනො රෝගය  නිසා රටට මෙවන් වෙනසක් පවතින අවස්ථොවක  වයෝවෘධ  පුද්ගලයෙකු කොරෝනො ධනොත්මක වී මිය ගිය අවස්ථොවක මෙවැනි ආකොරයට වධ නොකර(මට හැඟන පරිදි අනවශෙ) පරීක්ෂණ පැවැත්වමින් කොලය මිඩංගු කිරීම නිස සමස්ත සෞඛ්‍ෙ කොර්ය මේඩලයට සහ සමජයට සිදුවිය හැකි හානිය පිළිබඳ  විශේෂඥ වෛද්‍ය වරියට දැනුම නො තිබීම පිළිබඳව මම පුදුමයට පත් වූයමි. නමුත් කලහැක්කක් නොමැත. පසුදින PCR පරීක්ෂණය ප්‍රතිඵල ලැබන තක්  සිටීමට සිදු විය. පරීක්ෂණය නැවතත් ධනොත්මකව ප්‍රතිඵල ලැබුණු අතර ඉන් පසුව දේහය කොරෝනො නිේමෝනියොව නිස සිදු වූ මරණයක් ලෙස ප්‍රකශයට පත් කරන ලදී. ඒ අනුව තුන්වන දින  අවසන් කටයුතු කිරීම්   රෝහල  වෙත ගොස් අදාල ලිය කිය විලි ලබගන නැවත  වතාවක් හදිසි මරණ පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලදී. එහි දී ඔහු විසින් දේහය අවසන් කටයුතු කිරීකම් අවසරය ලබා දෙන ලදී.  ඉන්පසු ජා ඈල ප්‍රාදේශීය සභාවටගොස් අවසන් කටයුතු කිරීම සඳහ දිනයක් ලබො ගන්නො ලදී.  චිතකයට දින ලබ ගැනීම   පෝලිමක් තිබන බව පවසන අතර සාමන්‍යයෙන් දින ලැබන්න  දින තුනක් හෝ හතරක් ඉදිරිට ය. ඇත්තටම එවැනි පෝලිමක් ඇත්දැයි මම නොදනිමි. නමුත් කෙසේ හෝ පුේගලික හැඳුනුම්කමක් හරහ පසුදින දහවල්  වෙලාවක් වෙන් කර ගැනීමට ගැනීමට මම සමත් වීමි. එම කටයුතු සඳහ  අය කිරීම රුපියල් 6000 කි. ඉන්පසුව එම වාර්තාව රැගනප්‍රදේශය භාර මහජන සෞඛ්‍ පරීක්ෂක (PHI) වෙත යා යුතුයි.  ඔහු දැනුවත් කල යුතුය. එම කාරියට අමතරව  දේහය අවසන් කටයුතු කිරීම සඳහ අවමංගලෙ ආයතනයට භොරදිය යුතුය. මුලින් කතා කරන ලද ආයතනය ඒ සඳහා රුපියල් හැටදොහක් අවශෙ බව පැවසූ නමුත් රාගම   ආයතනයකින් රුපියල් 30000 ට එම කටයුත්ත සිදු කිරීමට කැමැත්ත ප්‍රකොශ කර ලදී. අප රූපවොහිනී මාධ්‍ය ඔස්සේ  දකින්න් කොරෝනො මරණ කිසිදු ඥොතියකුකේ හෝ වෙනත් පොර්ශවයන් සහභොගිත්වයක් නොමැතිව ඉතාම ලස්සනට ඉතාම ඉක්මණින් සිදුවන බවයි. නමුත් ඇත්ත වශයන්ම එවැනි තත්ත්වයක් කනොමැත. අවසනවකට හෝ මරණයක් සිදු වුවහොත්  මා සිතන පරිදි ඔබටද මෙම දින තුනක හෝ හතරක ඉතා කෘර අත්දැකීම ට මුහුණ දීමට සිදුවනු ඇත.   එක් එක් සෑම කටයුත්තක් සඳහම ගත වූ  පැය ගණනක් විය. කිසිදු කටයුත්තක් එසැණින් සිදුවතැයි බලොපොරොත්තු විය නොහැක. එයට හ්තුව ඒ සියලු රජකොරි ස්ථනවල අධික තදබදයක් තිබීමයි. මේ ලිපිය ලිවීමට අදහස් කලේ කිසිදු අකයකු අපහසු වට පත් කිරීමට නොවේ.

නමුත් කොරෝනො වෙසනය උග්‍ර කවමින් පවතින මෙවන් අව්සථාවක එම අව්සථාවන් ප්‍රයෝජන  ගෙන මහජනයො අපහසුවට පත් කරමින් තමන්ගේ මඩිය තරකර ගන්නො පිරිසක් අප සමාජයේ සිටින බව නොරහසකි. එවන් පසුබිමක් තුෙ අප බලධොරීන් මේ පිළිබඳ අවධොනය යොමුකර මේ කොරෝනො මරණ මීට  පහසු ක්‍රමයකට ක්‍රමනුකූලව අවසන් කටයුතු සිදු කිරීම සඳහො වැඩපිළිවෙක් සකස් කරන්කන් නම් එය සමොජයට සිදුකරන වැදගත් මහවරකි. දුප්පත් අසරණ පුේගලයකු හදිස්සියෙන් මෙම තත්වයට මුහුණ දුනහොත් රුපියල් හැට හය දොහක් වැනි මුදලක් (සන්කතෝසම් වලට අමතරව) ක්ෂණිකව සොයො ගැනීමට ඔහු පත්වන තත්වය පිළිබඳ අප අවබෝධ කරගත යුතුය. රජ යේ  රෝහලක දීර්ඝ කොලයක් ජේෂ්ඨ වෛද්‍වරයකු සේවය කරන  මේ තත්ත්වයට මුහුණ දුන් මා හට  පෞේගලික හැඳුනුම්කම්  පවා පැවතියද කොරෝනො මරණයක් නිදහස් කර  ආදාහනය කිරීමසඳහ  දින හතරක් ගත වූ  නම් සෞඛ්‍ෙ ක්කෂ්ත්‍රයේ කිසිදු සම්බන්ධ නොමැති  පුරවැසියකුට මුහුණ දීමට සිදු විය හැකි තත්ත්වය පිළිබඳ මෙය කියවන ඔබට වැටහනු ඇතැයි අප්ක්ෂො කරමි.

 

[ වෛද්‍ය ආර්. මුදලිකේ (ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය,  මුල්ලේරියාව, May 2021]